මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 පනී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් අධි අවදානම් කලාප ලෙස නම් කෙරේ

0
11

2026 වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එමෙන්ම මේ දක්වා ඩෙංගු ආසාදිත මරණ 74ක් වාර්තා වී ඇත.

එම ඒකකයේ දත්තයන්ට අනුව සැප්තැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,536 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙයින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 51,180කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 14,036ක්, මධ්‍යම පළාතෙන් 8,958ක් සහ සබරගමුව පළාතෙන් 7,998ක් ලෙස හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (20,622) වාර්තා වන අතර, කොළඹින් 19,168ක්, මහනුවරින් 7,199ක්, කළුතරින් 6,218ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,186ක් ලෙස වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 40ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here