වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දරුණු ගංවතුර තත්වයක්

0
147

NEWSNOW | – වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් තත්ත්වයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බවයි.

කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් ඇති විය.

මෙවැනි ගංවතුර තත්ත්වයක් වාර්තාවන්නේ වසර 75 කින් පසුවය.

මේ සමඟ ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා විය.

සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී තිබිණි.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතු විය.

ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලගැලීම් අතරතුර ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබුණි.

මේ අනුව ගමන් වාර රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමුකිරීමටත් පියවර ගැනුණි.