ලෝක ශූර රුමේෂ් තරංගගේ කැඩී ගිය හෙල්ල හික්කඩුවේදී තැන්පත් කරයි

0
12

පසුගියදා පැවති ‘වර්ල්ඩ් අල්ටිමේට්’ (World Ultimate) තරගාවලිය නිමවා දිවයිනට පැමිණීමේදී තුර්කි ගුවන් යානයක් තුළදී අලාභහානියට ලක් වූ හෙල්ල විසිකිරීමේ ලෝක ශූර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගගේ ප්‍රධාන හෙල්ල 5ක් අද (09) හික්කඩුවේදී තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ලක්මව නම බැබළවීම සඳහා එම හෙල්ල කිහිපය කොපමණ වැදගත් වූවාද යන්න පෙන්වා දෙමින් රුමේෂ් තරංග විසින් මීට පෙර සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් ද එක් කර තිබිණි.

ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට දායක වූ එම වටිනා හෙල්ල කිහිපයට ගෞරව දැක්වීමක් ලෙස මෙලෙස ඒවා විශේෂිත ස්ථානයක තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here