කෙවිල්ටන් ආයතනය මගින් නිට්ටඹුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ වැඩසටහනක්.

0
10

2026 අගෝස්තු 25 වන දින කෙවිල්ටන් ආයතනය මගින් නිට්ටඹුව ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් හා එක්ව ඔවුන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් ප්‍රධාන ඉංජිනේරු චරිත් සමින්ද මහතාය. ඒ වගේම තාක්ෂණික විද්‍යාලය නියෝජනය කරමින් කථිකාචාර්ය ආර් බී සුනිල් ශාන්ත මහතා, නිට්ටඹුව ප්‍රදේශයේ නැවත බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ අධිපති දිනේෂ් අර්ථසාද් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

දිනය පුරා විදුලි කාර්මික ශිල්පීන් හට නව තාක්ෂණික දැනුම හා සම්බන්ධ සැසි මගින් නවතම විදුලි තාක්ෂණික ප්‍රවණතා, ආරක්ෂක මාර්ගෝපදේශ සහ නව උපකරණ පිළිබඳව, නව තාක්ෂණික දැනුම සෘජුවම ඔවුන්ගේ දෛනික සේවාවන්ට යොදාගැනීම පිළිබඳව විවෘත සංවාද මෙන්ම NVQ විභාගය සඳහා උපකාර සැසියක් ද සාර්ථකව පැවැත්වුණි.

එමෙන්ම කෙවිල්ටන් ධන නිධානය වැඩසටහනේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමක් ද සිදුවිය.

මීට අමතරව මෙම අවස්ථාවට සහභාගී වූ සියලු විදුලි කාර්මික ශිල්පීන් සදහා නොමිලේ ඇස් පරීක්ෂාවක් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here