ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපතිට සර්ව ආගමික නායකයන්ගේ සුභ පැතුම්

0
379

NEWSNOW | – ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්’ය දේශමාන්‍ය සුදත් දේවපුර මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට සුබ පැතීමට පසුගිය ඔක්තෝම්බර් 31 වෙනිදා සර්’ව ආගමික නායකයන් එක් වුහ.

ඒ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මූලස්ථාන ප්‍රධාන කාර්යාලයටය.

සර්’ව ආගමික නායකයන් වන පූජ්‍ය ආචාර්’ය ගලහිටියේ සුමන නායක හිමි, පූජ්‍ය සිව ශ්‍රී කුමාරස්වාමි කුරුක්කල්, අල්-හාජ් අශ්- සෙය්යිද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි සහ ගරු ආචාර්ය රොමේෂ් පියතුමා, ගරු ආචාර්ය ක්‍රිස්ටෝ පියතුමා, ගරු. ෂෙහාන් පියතුමා ඇතුළු ආගමික නායකයින් පිරිසක් පැමිණ ගරු සභාපතිතුමාගේ උපන්දිනයට සුබ පැතුම එක්කළහ.