මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දත්ත පද්ධතියට ඇතුළත් නොවූ, දැනට මාර්ගවල ධාවනය වන යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාර්තාවල සඳහන් නොවන යතුරුපැදි භාවිත කරන හෝ එවැනි යතුරුපැදි පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයන්ගෙන් අදාළ තොරතුරු ලබාදෙන ලෙස ප්රසිද්ධ නිවේදනයක් මගින් ඉල්ලා ඇත.
දැනට මෙරට මාර්ගවල ධාවනය වන නමුත් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දත්ත පද්ධතියට ඇතුළත් වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.
එවැනි යතුරුපැදි පිළිබඳ තොරතුරු දන්නා මහජනතාවට පහත සබැඳිය ඔස්සේ අදාළ තොරතුරු ලබාදීමට හැකියාව පවතින බවද දැනුම් දී ඇත.
තොරතුරු ලබාදීම සඳහා:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdz4QG_ve38MfTKww8fEthyEfqtSw-0z46CksKiB-zWVE4Q0g/viewform

