ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පිල පාකිස්තානයට

0
13

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේදී විස්සයි-20, එක්දින සහ ටෙස්ට් තරගාවලි නියෝජනය කරමින් පාකිස්තානයේ පූර්ණ තරග සංචාරයක නිරත වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

මෙම සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 යන දිනවලදී රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක්වන විශේෂ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වනදා ආරම්භ වන අතර, එම තරග රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තරග සංචාරයේ අවසන් අදියර ලෙස දෙරට අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 9 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here