ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලිවලදී රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 10ක් දිනූ ශ්‍රී ලංකා ශූරයෝ දිවයිනට

0
12

ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පැවති ප්‍රධාන ජාත්‍යන්තර වෙඩි තැබීමේ තරගාවලීන් දෙකකදී අභිමානවත් ජයග්‍රහණ රැසක් අත්කරගත් ශ්‍රී ලංකා වෙඩි තැබීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. ජාතික රයිෆල් සංගමය (NRA-SL) නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් වූහ.

ලෝකයේ රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජාත්‍යන්තර තරග බිමේදී ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සටහන් කිරීමට අප ක්‍රීඩකයෝ සමත් වූහ.

Bali Open IPSC Handgun & PCC Championship 2026 – ඉන්දුනීසියාව ඉන්දුනීසියාවේ පැවති මෙම තරගාවලියේදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී විශේෂයෙන්ම PCC Optics – Junior ඉසව්වේ ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන තුනම (තුන්කොන් ජයග්‍රහණය) හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

Kadayawan Festival Shooting Championship 2026 (Senator Bato Cup) – පිලිපීනය පිලිපීනයේ පැවති මෙම තරගාවලියේදී ද විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා වෙඩික්කරුවෝ රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3ක් සමගින් පදක්කම් 4ක් දිනා ගනිමින් රටට විශාල කීර්තියක් අත්කර දුන්හ.
දිවයිනට පැමිණි ජයග්‍රාහී ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා ජාතික රයිෆල් සංගමයේ සභාපති, එයාර් වයිෂ් මාර්ෂල් වජිර සේනාධීර මහතා ඇතුළු සංගමයේ නිලධා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here