නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ 04, ගාලුපාරේ පිහිටි අවන්හලකට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩයක් නියම කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
අදාළ ආයතනය අධිකරණය හමුවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කෙරිණි. අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්රයට අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා වූ ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙස නියම කර තිබුණ ද, මෙම අවන්හල විසින් මිලිලීටර් 500 ජල බෝතලයක් රුපියල් 100 බැගින් අලෙවි කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම සිදුකර නඩු පවරා ඇත.
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම හෝටල් හෝ අවන්හල් ඇතුළු කිසිදු වෙළෙඳ ස්ථානයකට තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

