රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

0
358

ඊයේ (16) දිනය තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

තලංගම,දී විභාග දෙපාර්තමේන්තුව ඇතුළත සිට පිටතට පැමිණි ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි ව ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජාකාරියේ යෙදී සිටි නිලධාරියෙකුගේ ගැටී අනතුරක් සිදු ව ඇත. එම අනතුරින් 36 හැවිරිදි ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

මේ අතර, එරාවුර් – මඩකලපුව මාර්ගයේ සවුකඩේ හන්දිය අසල දී පෞද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුර සිදු ව තිබිණි.
එම අනතුරින් 17 හැවිරිදි පදිකයා එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියක් බස් රථයේ බඳ කොටසේ ගැටී සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිත්කෂයට පත් ව තිබේ.

මේ අතර, කල්පිටිය – පාලවිය මාර්ගයේ ඒත්තාලය ප්‍රදේශයේ දී යතුරපැදියක් ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මේ අතර, හෝමාගම පොලිස් වසමේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ දී ලොරි රථයක්, පදිකයන් දෙදෙනෙකුගේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ දෙදෙනා හෝමාගම රෝහලයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් අයෙකු (34 හැවිරිදි) මියගොස් ඇත.

මේ අතර, කොල්ලුපිටිය – කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු ව ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා තලංගම රෝහල ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. ඔහු 79 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.