රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාවක්

0
124
NEWSNOW | – රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා ඇති බව පොලිසිය පවසයි.
ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදිය.
එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත.
සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර තිබේ.
ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති අතර එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු ඇත.