රාජ්‍ය සේවකයන්ට ප්‍රසන්න ගුණසේනගෙන් අභියෝගයක්!

0
7

රජය වැටුප් වැඩි කිරීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන රාජ්‍ය සේවකයන්ට, 2024 දෙසැම්බර් මස වැටුප් පත සහ 2027 ජනවාරි මස වැටුප් පත එකට තබා ඡායාරූපගත කර සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අභියෝග කරයි.

​මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය;

​“දැන් වැටුප් වැඩි කරලා තිබෙන්නේ. 2025 ත් වැඩි කළා. වසර 03 ක් ඇතුළත මූලික වැටුප් 60% ත්, 70% ත් අතර සෑම රාජ්‍ය සේවකයකුටම වැටුප් වැඩිවී තිබෙනවා. මම රජයේ සේවකයන්ට කියනවා 2024 දෙසැම්බර් මස පඩිපත සහ 2027 ජනවාරි පඩිපත ලැබුණු පසුව, මේ දෙකේම එකට ගත් පොටෝ එක සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන්න කියලා. මේ අභියෝගය පුළුවන් නම් ඉටුකරන්න. ඊට පස්සේ ස්ට්‍රයික් කරමු.”

​රජයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් පවතින විවේචන හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here