රාජගිරිය මෝටර් රථ අනතුරින් සිව් දෙනෙකු රෝහල්ගත කෙරේ

0
157

NEWSNOW | COLOMBO -රාජගිරිය ගුවන් පාළම ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. එහි දී තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතළත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අනතුර හේතුවෙන් රාජගිරිය අවට එදිනෙදා වාහන තදබදයට වඩා සුළු රථ වාහන තදබද වැඩි වීමක් දක්නට ලැබුුණී.