රන්ජන්ගේ දඬුවම ගැන මානුෂිකත්වයෙන් සිතා බලා ජනාධිපති සමාව ලබාදීම ගැන සලකා බලන ලෙස ඉල්ලීමක්

0
214

NEWSNOW   | –  මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මනුෂ්‍යත්වයෙන් යුතුව සිතා බලා නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

මේ සඳහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, පසුගිය වසර ගණනාවකම ඔහු ශ්රී ලංකාවේ ජනප්රියතම නළුවා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.ඒ වගේම චිත්රපට ගණාවක්ම ඔහු විසින් අධ්යක්ෂණය කර තිබෙනවා. පුද්ගලයෙක් වශයෙන්ද ඔහු ඉතාමත් නිහතමානී අයෙක් වනවා. මේ රටේ නිතර අසන්නට ලැබෙන වංචා දූෂණ කිසිවෙකට හෝ ඔහු හවුල්වී ඇති බවක් අප අසා නෑ. ඒ වගේම ඔහු අපරාධකරුවෙක් ද නොවේ. ඒ අනුව ඔහු අද පත්ව සිටින ඉරණම පිළිබදව අපද අවධානය යොමුකරන බවයි

‍එහි දි තවදුරටත් මෙය රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් හිිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කර සිටියේ ,

බොහෝ අයට අදාළව උණුවී ඇති ජනාධිපතිතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්යානුකූල ක්රමවේදයන් හා සම්ප්රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි.