මේ මාසයේ මුල් සති දෙකේ සංචාරකයින් 74,000ක් මෙරටට

0
11

මෙම මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 74,637 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,609,759 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී සංචාරකයින් 191,704 දෙනෙකු පැමිණ ඇති අතර, එය ඊට පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 3.3ක සුළු පහළ යෑමක් බවද එම අධිකාරියේ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here