ආන්දෝලනාත්මක එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
අධිකරණය විසින් මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව ඔහුව මෙලෙස ඉදිරිපත් කර ඇති අතර, මෙම නඩුව අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

