මෙරට ඩෙංගු මරණ 71 දක්වා ඉහළට. සමස්ත රෝගීන් ගණන 93,000 පනී

0
3

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වන විට 71 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

එම ඒකකයේ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,115ක් වන අතර, අගෝස්තු මාසයේ ගෙවුණු කාලසීමාව තුළ පමණක් රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (19,825) වාර්තා වන අතර, කොළඹින් රෝගීන් 18,475ක්, මහනුවරින් 6,726ක්, මාතරින් 6,066ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,013ක් ලෙස ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here