මුහුදුබඩ මාර්’ගයේ දුම්රිය ප්‍රමාදයක්

0
219

NEWSNOW| –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබේ.

ඒ අද (22) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී එලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත.

මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වන අනෙකුත් දුම්රියන් ද ප්‍රමාද විය හැකිය බව දුම්රිය බලධාරීන් පවසයි.