පිල්ලෙයාන් අදත් CID එයි

0
299

NEWSNOW| –  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ඇත.

පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය.

ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුමී තිබුණි.