මියන්මාරයේ ” සයිබර් කදවුරක ” රඳවාගෙන සිටි පිරිස දිවයිනට

0
95

NEWSNOW| –  මියන්මාරයේ ” සයිබර් කදවුරක ” වංචනික සයිබර් ව්‍යාපාර වල බලහත්කාරයෙන් සාපරාධී ක්‍රියාකාරකම් වල යොදවා ගනිමින්  රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු එයින් මුදා ගෙන අද(18) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙසේ මුදා ගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අයත් වෙති.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිසක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා රවටා මෙම කදවුර වෙත ගෙන ගොස් තිබේ .
ඉන්පසුව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත මියන්මාර බලධාරීන් විසින් ඉකුත් අප්‍රේල් 04 දින මොවුන් එම කදවුරෙන් මුදා ගෙන ඇති අතර තායිලන්තයේ බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් 04/11 දින තායිලන්තයේ ” මැසොට්” දේශසීමා ද්වාරයේ දී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගෙන තිබුණි .
ඔවුන් අද 18 දින උදෑසන 09.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්සත් ජාතීන්ගේ  ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල  එක්ව පියවර ගෙන තිබු අතර මොවුන් භාර ගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එස්.කේ.සෙනෙවිරත්න මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .