පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, හතේ කණුව දේවාල වංගුව අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් පුද්ගලයන් 22 දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අද (10) අලුයම 4.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අනතුරුවලට ලක්වන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති අදාළ වංගුවේදී පාලනය ගිලිහී ඇළට වැටීමෙනි.
තුවාලකරුවන් වහාම හිඟුරක්ගොඩ සහ හබරණ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බව මින්නේරිය පොලීසිය සඳහන් කළේය.

