මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් වෙත කළ ගුවන් ගමන් හෙට (10) දක්වා අත්හිටුවයි

0
23

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක වාතාවරණය හේතුවෙන්, ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් රියාද් නුවර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් හෙට (10) දින දක්වා තාවකාලිකව අවලංගු කර තිබේ.

කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර, හූති සංවිධානයේ ප්‍රහාර හමුවේ රියාද් බලා ගමන් ගන්නා ජාත්‍යන්තර ගුවන් ගමන් 300කට අධික ප්‍රමාණයක් ලොව පුරා මේ වන විට අවලංගු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here