මැතිවරණ කොමිසමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දීමක්: නිල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවයි.

0
14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පක්ෂයේ විවිධ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, පක්ෂ අභ්‍යන්තර නිලවරණයක් පවත්වා අවශ්‍ය සියලු නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, නැවත පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කරන ලෙස කොමිසම උපදෙස් ලබා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පක්ෂයේ පාර්ශ්ව කිහිපයක නියෝජිතයන් කැඳවා මෙම තීරණය සෘජුවම දැනුම් දී ඇති අතර, එම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පවත්නා අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හමුවේ පක්ෂයට ඉදිරි මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ හැකියාවක් නොමැති බව සඳහන් වේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ, වහාම පක්ෂ නිලවරණය පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here