කොළඹ නගරයේ ගංවතුරට ක්ෂණික විසඳුම් සෙවීමට විශේෂ සාකච්ඡාවක්.

0
22

ඊයේ(06) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ නගරයේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයට ක්ෂණික විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් (Vraie Cally Balthazaar) මහත්මිය සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

නගරයේ ජලාපවහන පද්ධතිය ඉහළ නැංවීම, කොළඹ ඇළ මාර්ග පද්ධතිය සහ මාර්ග යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

කොළඹ ජාතික රෝහල වැස්සෙන් යටවුණු හේතුව එළියට

(ඊයේ රාත්‍රියේ වර්ෂාව සමඟ කොළඹ ජාතික රෝහලේ තත්ත්වය)

සිකුරාදා දිනයේ පැය කිහිපයක් ඇතුළත කොළඹට මිලිමීටර 129 ක අධික වර්ෂාපතනයක් ලැබුණු බවත්, කොළඹ ජලාපවහන පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර 30 ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බැවින් මෙලෙස නගරය පුරා දැඩි ගංවතුර තත්ත්වයක් සහ ජන ජීවිතයට බාධා එල්ල වූ බවත් නගරාධිපතිනිය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here