මාල්තා (MALTA) විවෘත කරාතේ ශූරතාවලිය 2024

0
286

NEWSNOW| – ලෝක කරාතේ දෝ සන්ධානය විසින් පැවැත්වීමට නියමිත [ WORLD KARATE DO ALLIANCE” (WKA) – MALTA OPEN KARATE CHAMPIONSHIP ] 2024 මාර්තු 21, 22, 23 සහ 24 යන දින – හතරක් පුරා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මේම කරාතේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට “ඉතාලි – නාපෝලි ” නගරයේ ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හය(6) දෙදෙනෙක් මෙම ශූරතාවලිය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටිති.
🥋අන්ජලෝ කේසර
🥋රූසර සසේන්
🥋ජෝවන්නි අන්ජලෝ
🥋ශදිස් ඉමල්ක
🥋තමිල් වානන්
🥋මතෙව් අකලංක යන ක්‍රීඩකයින්ය.

කාතා සහ කුමිතේ ” යන ඉසව් විවිධ බර පංති සහ වයස් කාණ්ඩයෙන් තරග කිරිමට නියමිතය.

මෙම ශිෂ්‍යාවන් පෙර පැවති ” 2023 වර්ෂ 7 වෙනි යුරෝපා ලිබෙර්’තාස් ” කරාතේ ශූරතාවලියෙහි විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් බව සිහිපත් කළ යුතුයි.

මෙම ශූරතාවලිය සදහා රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන අතර, මාල්තා රටේ පැවැත්වෙන අති විශාලතම ශූරතාවලිය බවට මෙය නම් කල හැක.

ශ්‍රීලාංකික අපේ දරුවන්ට මෙවන් තරග අත්දැකීමක් ලැබීමට හැකිවීමද, අති විශාල ජයග්‍රහණයකි.

මෙම ශූරතාවලිය සඳහා අති වෙහෙස මහන්සි වී කැපවීම් කර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වෙනුවෙන්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙම ක්‍රීඩකයින්ව දැවැන්ත උනන්දුවක් සහ පුහුණුවක් කරන සෙන්සේ ධනංජය සිරිවර්ධන ඉතා වෙහෙසක් දරයි.

මෙම අවස්ථාවේදී එම ක්‍රීඩකයින් ඉගෙනුම ලබන ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ විදුහල්පති වන නිරෝශන් කොස්තා මහතා මෙම ළමුන්ගේ කරාතේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා විශාල වශයෙන් වෙහෙසක් දරති.

එමෙන්ම ” වැනීස් හී ” සේවය කරන සෙන්සේ සදුන් ලක්සිරි මහතාට විශේෂ ස්තූතියක් පුද කරමි.

සටහන
එස්. එල්. එම්. නුස්රාන්