මාතර සහ පුත්තලම දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පුත්තලම මහ පල්ලියේ පැවති අන්තර් ආගමික සහයෝගීතා ප්‍රවර්’ධන වැඩසටහන

0
354

NEWSNOW | – මාතර – යාපනය දිස්ත්‍රික් අන්තර් සහයයෝගිතා ප්‍රවර්’ධන වැඩසටහනේ එක් අදියරක් ලෙස මාතර දිසාපතිතුමා ඇතුළු කණ්ඩායම පසුගිය (08)දා පෙරවරුවේ පුත්තලම මහ පල්ලිය වෙත පැමිණියහ.

අධිකරණ අමාතයංශයේ ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්’යාලය සමඟ එක්ව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්’යාලය, පුත්තලම මහ පල්ලිය, පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව ඒකාබද්ධව මෙම සංස්කෘතික, බහු ආගමික සුහදත්වය පිළිබඳ කතිකාවත සංවිධානය කරන ලදී.
මේ අනුව එහි පැමිණි එම කණ්ඩායම පුත්තලම මහ පල්ලියේ දායක සභා සාමාජිකයින්, පුත්තලම දිසාපති එච්.එම්.එස්.පී.හේරත්, පුත්තලම දිස්ත්‍රික් ජමියතුල් උලමා සභාවේ සභාපති අශ්ෂෙයික් අබ්දුල්ලා මහමුද් ආලිම්, සහ පුත්තලම අන්තර් ආගමික කමිටුව නියෝජනය කරමින් බුද්ධියාගම රතන ස්වාමීන් වහන්සේ, ධම්ම කුසල ස්වාමීන් වහන්සේ, සිව ශ්‍රී සුන්දරරාම කුරුක්කල්තුමා, යොහාන් පියතුමා ඇතුළු අනෙක් සාමාජිකයන් ඉතා සුහදශිලීව පිළිගත්හ.

මෙහිදී පිළිගැනීමේ කතාව පැවැත් වුයේ රම්‍යා ලංකා පදනමේ අධ්‍යක්ෂ අලි සබ්රි මහතා විසිනි.

ජාතික සමඟිය හා සහජීවන කාර්’යාංශයේ කර්’තව්‍යක් වන මේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී තිබුණේ එකිනෙකා අතර සුහදතාවය ඇති කිරීම හා සංහිදියාව ගොඩ නැගීමය. මෙම අවස්ථාවට පුත්තලම නගරය ආශ්‍රිතව සිටින ප්‍රාදේශීය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු ප්‍රභූවරු රැසක්ද මේ සඳහා සහභාගී වී සිටියහ. සහභාගී වූ ආගමික නායකයින් සියළු දෙනා මෙහිදී දේශණ පැවැත් වූහ.

දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව වෙනුවෙන් මෙහිදී මුස්නියා උවයිස් මහත්මිය කෙටි දේශනයක් පැවැත්වීය. පුත්තලම දිසාපති එච්.එම්.එස්.පී.හේරත් මහතා සහ මාතර දිසාපති වයි.වික්‍රම ශ්‍රී මහතාගේ දේශන ඉන් අනතුරුව පැවැත් වූහ.

එහිදී මාතර සහ පුත්තලම ප්‍රදේශ අතර තිබෙන කැපීපෙනෙන සමඟිය හා සහජීවනය රටටම ආදර්ශයක් ලබාදෙන බව ඔවුන් පැවසු අතර මෙවැනි සංචාරයන් තුළින් ජාතීන් අතර සහයෝගය තව තවත් වර්’ධනය වන බව ඔවුන් පෙන්වා දුන්නේය.

එම දේශන වලින් පසු මාතර දිසාපතිතුමා රන්සළු පළඳවා ගෞරවය දැක්වීමටද, තෑගි ප්‍රධානය කිරීමට එහි සිටි අන්තර් ආගමික කමිටු නිලධාරීන් කටයුතු කළේය. මෙහිදී මාතර දිසාපතිවරයාද පුත්තලම අන්තර් ආගමික කමිටු සාමාජිකයින් වෙත තිලිණ ප්‍රධානය කරනු ලැබුවේය.

මේ පැමිණි පිරිස පුත්තලම මහ පල්ලියේ සංචාරය කරමින් එහි සිදු කෙරෙන දෛනික ආගමික වතාවත් පිළිබඳව දැනුවත් වූ අතර එම දැනුවත් කිරීම සිදු කරනු ලැබුවේ විශ්‍රාමික ගුරු උපදේශක හිජාම් මහතා සහ මුජීබ් සාලිහ් මවුලවිතුමා විසිනි.

තවද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ ඔහු පුත්තලම මහ පල්ලියට පැමිණි අවස්ථාවේ දුන් තෑගි සහ පල්ලියේ ඇති ඓතිහාසික ඔරලෝසුවක්ද නිරීක්ෂණය කළේය.

මෙහිදී ස්තුති කතාව අන්තර් ආගමික කමිටුවේ මෙහෙයුම් කමිටු සාමාජික එස්.එම්. රුවයිස් මහතා විසින් සිදු කරන ලදී.

පුත්තලම මහ පල්ලියේ දායක සභාව සහ පුත්තලම අන්තර් ආගමික කමිටු සාමාජිකයින් විසින් පැමිණ පිරිස වෙනුවෙන් උදෑසන ආහාරය පිළියෙළ කර තිබූ අතර ඔවුන් සතුටින් එය බුක්ති වින්දේය. මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ගැන පැමිණ සිටි සියළු දෙනා ස්තූතිය පල කර සිටියහ.

පුත්තලම ප්‍රදේශය යනු අන්තර් ආගමික සහජීවනය ඉතා හොඳින් ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන අතර පුත්තලම අන්තර් ආගමික කමිටුව මෙවැනි වැඩසටහන් පවත්වමින් ජාතීන් අතර පවතින අනවබෝධය නැති කරමින් සංහිදියාව ඇති කිරීමට ගන්නා උත්සාහය රටටම ආදර්’ශයක් සපයයි.