මහ මඟ අයෙක් මරා දමා ලොරි රථය කොල්ලකයි

0
167

(NEWS NOW | COLOMBO) – ජා ඇල, නිවන්දම මාර්ගයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඔහු ගමන්ගත් ලොරි රථය කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මරණයට පත් පුද්ගලයා ඊයේ (31) ඔහුගේ කුඩා ලොරි රථයෙන් කුඩැල්ල ප්‍රදේශයට කුලී ගමනක් යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති අතර ඒ යන අතරතුර දී මෙසේ ඝාතනයට ලක්ව ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය පිළිබඳ ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.