මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය සාර්ථකව අවසන්

0
4

කොළඹ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය විසින් සංවිධානය කළ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය අගෝස්තු 9 වැනි ඉරිදා දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

අඛණ්ඩව දසවැනි වරටත් පැවති මෙම තරගාවලිය සඳහා මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන නිවාස හතර නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ සහභාගි වූහ. විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. බී. ජී. කුමුදුනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්විණි.

අවසන් මහා තරගයේදී මුදිතා නිවාසය පරාජයට පත් කළ මෙත්තා නිවාසය ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ජයග්‍රාහී කණ්ඩායම සහ අනුශූර කණ්ඩායම සඳහා වූ සම්මාන විදුහල්පතිනි ඩබ්ලිව්. බී. ජී. කුමුදිනී මහත්මිය විසින් පිරිනමන ලදී. ශූර මෙත්තා නිවාසයේ නායිකා පිනිති නයනක්කාර සහ අනුශූර මුදිතා නිවාසයේ නායිකාව විසින් විදුහල්පතිනිය අතින් එම සම්මාන ලබා ගත්හ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙත්තා නිවාසයේ පිනිති නයනක්කාර තේරී පත් වූ අතර, හොඳම වෙඩි තැබීමේ ක්‍රීඩිකාවට හිමි සම්මානය මුදිතා නිවාසයේ දිලූපා තුෂාරි පෙරේරා විසින් හිමිකර ගත්තාය.

ආදි ශිෂ්‍යා සංගමයේ උප සභාපතිනියන් වන ශ්‍රීමති අබේගුණසේකර සහ අනුජා ද සිල්වා, ලේකම් නයනා ජයනෙත්ති, ව්‍යාපෘති සභාපතිනි දිලූපා තුෂාරි ඇතුළු සංගමයේ සාමාජික සාමාජිකාවෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here