මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි “A Nation United” ජාතික මෙහෙයුමේ ප්‍රථම සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

0
9

මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන “A Nation United” ජාතික මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන්, ආරක්ෂක ලේකම් කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව වරාය නගරයේ (Port City) සිට දැවැන්ත ජාතික පාගමනක් ඊයේ දින (05.11.2026) සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වැදගත් ජාතික මෙහෙයුම සඳහා සහභාගී වන ලෙස රම්‍ය ලංකා සංවිධානයට ලද විශේෂ ආරාධනාවකට අනුව, මෙරටින් මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික වැඩසටහනට පූර්ණ සහයෝගය පළ කරමින් එම සංවිධානය ද ඉතා අභිමානයෙන් යුතුව මෙම අවස්ථාවට එක්විය.

අනාගත පරපුර උදෙසා මත්ද්‍රව්‍යවලින් තොර නිරෝගී මෙන්ම සුරක්ෂිත දේශයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සියලු පාර්ශ්වයන් එකමුතුවෙන් මෙම ජාතික මෙහෙයුම සඳහා අත්වැල් බැඳගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here