බුද්ධියේ සටනින් ඉතිහාසය අලුත් කළ බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව රාජකීය විදුහලට

0
7

කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේදී පසුගියදා ඉතා උත්කර්ෂවත් හා තරගකාරී අයුරින් පැවැති 2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේදී අසමසම විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.

බස්නාහිර පළාත නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ පාසල් රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් අදියර පසුගිය ඔක්තෝබර් 07 සහ 08 යන දිනවල අතිශය තියුණු මුහුණුවරක් ගත්තේය.

එම දැඩි තරගකාරීත්වය හමුවේ නොසැලී දස්කම් දැක්වූ රාජකීය ක්‍රීඩකයෝ, වයස අවුරුදු 10, 12, 14, 16 සහ 20 යන ප්‍රධාන වයස් කාණ්ඩ සියල්ලේම ශූරතාවන් තමන් සතු කරගත් අතර, වයස අවුරුදු 08න් පහළ අනුශූරතාව ද දිනාගනිමින් තම බුද්ධි මහිමය මනාව ප්‍රදර්ශනය කළහ.

පාසල් කණ්ඩායම් චෙස් තරගාවලි ඉතිහාසය අලුත් කරමින් බස්නාහිර පළාත් තරගාවලියක සමස්ත ශූරතාව දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය රාජකීය විදුහල් ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු අභිමානවත් සන්ධිස්ථානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here