බීජිං දුම්රිය අනතුරකින් 500ක් රෝහලේ

0
199

NEWSNOW| – බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් එකසිය දෙදෙනෙකුගේ අස්ථි බිඳීමට ලක් ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ඇත.

අධික හිම පතනය හේතුවෙන් පීලි ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවට එරට බලධාරින් සැක පළ කර තිබේ.

සඥා දෝෂයක් ද ඇති වී තිබෙන අතර, පළමු දුම්රියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ද අනතුරට හේතු වී ඇති බව සඳහන්ය.