බදු ගෙවීම් පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

0
5

2026 ජූලි මාසයට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු මස 20 වන දිනට පෙර ගෙවා නිම කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නියමිත දිනට බදු නොගෙවන හෝ ගෙවීම් ප්‍රමාද කරන පාර්ශ්වයන් සඳහා දඩ මුදල් අය කරන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. චෙක්පත්, බැංකු අණකර හෝ ගෙවීම් ඇණවුම් මඟින් සිදු කරන ගෙවීම් නියමිත දිනය පසුවී ලැබුණහොත් ඒවාද ප්‍රමාද වූ ගෙවීම් ලෙස සලකනු ලබයි.

මීට අමතරව, ජූලි මාසයට අදාළ වැට් (VAT) වාර්තා අගෝස්තු 31 වන දිනට පෙර මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ භාරදිය යුතු බවද සඳහන් වේ.

එමෙන්ම රඳවාගත් බදු (WHT) අගෝස්තු 15 වන දිනට පෙර ගෙවිය යුතු අතර, ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අගෝස්තු 20 වන දිනට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here