දිස්ත්‍රික්ක 7කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
50

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැක.

අද (13) පස්වරු 4:00 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) දිනය පුරා වලංගු වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.