බණ්ඩාරගම යතුරුපැදි අනතුරකින් කුඩා දරුවෙක් මරුට

0
77

NEWSNOW | COLOMBO – බණ්ඩාරගම, ගල්කඩේ හන්දිය අසලදී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ. ඒ යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් බවයි පොලිසිය පවසා සිටියේ.

අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් දරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේම පදිංචි අවුරුදු  08ක් වයසැති පිරිමි දරුවෙක්.

බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.