බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

0
15

‘බී’ කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දුවාර 6 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 127ක අභියෝගාත්මක ඉලක්කයක් නිර්මාණය කළහ. කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පන්දු 4ක් ඉතිරිව තිබියදී ඉතා පහසුවෙන් පසුකර ගියේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරමුණ ගත් විෂේන් හැලඹගේ, අතිශයින්ම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 17කින් නොදැවී ලකුණු 80ක් රැස් කළේය. ඔහුගේ එම විශිෂ්ට ඉනිම සඳහා දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි පැසසුමට ලක්විය.

මෙවර 22 වැනි වරට සංවිධානය කරනු ලබන හොංකොං සික්ස්සස් තරගාවලිය මොං කොක් ක්‍රීඩාංගණයේදී ලබන නොවැම්බර් 1 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here