පුද්ගලයෙකුට මරු කැඳවූ, 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර (video)

0
194

NEWSNOW | COLOMBO – මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, අක්කරෙයිපත්තුව අට්ටාලචේන සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකි. බස් රථයට වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුරු සිදු විය.

අනතුරෙන් තුවාල ලැබූවෝ මහනුවර මහ රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. බස් රථයේ රියැදුරු ද ඒ අතර වේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවරිදි බස් රථයේ සහයකයායි.

පොලීසිය ප්‍රකාශ කළේ, බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි සිසුන් 54 දෙනෙකු සිට ඇති බව ය. අක්කරෙයිපත්තුව අට්ටාලචේන ගුරු විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.

පුද්ගලයෙකුට මරු කැඳවූ, 35ක් රෝහල්ගත කළ මාරක බස් අනතුර

මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

Posted by NewsNow on Tuesday, March 5, 2019