පුත්තලම ප්‍රදේශයේ සර්’වආගමික කමිටුවේ සේවය කළ ආර්. රත්නමලර් පූජකතුමිය වෙනුවෙන් ඇගයීමක්

0
394

NEWSNOW | – වසර 5ක පමණ කාලයක් පුත්තලම ශාන්ත ක්ලෙමන්ට්ස් දේවස්ථානයේ සේවය කරමින් පුත්තලම දිස්ත්‍රික් අන්තර්’ආගමික කමිටුවේ කමිටු සාමාජිකයෙකු සහ සම සභාපතිවරියක ලෙස කටයුතු කළ ආර්.රත්නමලර් පූජකතුමිය වෙනුවෙන් ඇගයීමේ උත්සවයක් ඊයේ(28) පැවැත් වුණි.

ඒ එම පූජකතුමිය පුත්තලම ප්‍රදේශයේ සිට රක්වාන ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා යාමට නියමිත බැවිනි.

මෙතෙක් කල් එම ප්‍රදේශයේ සාමය සංහිදියාව වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීම සඳහා පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි අන්තර් ආගමික කමිටු ශාලාවේදී මෙම උත්සවය පවත්වන ලදී. මෙහිදී පූජකතුමිය වෙනුවෙන් සමරු තිළිණයක් ප්‍රධානය කෙරුණි.

මේ වෙනුවෙන් පැවති උත්සවයට පුත්තලම දිස්ත්‍රික් සර්’වාගමික කමිටුවේ සියලුම ආගමික නායකයෝ එක්ව සිටියහ.

පුත්තලම දිස්ත්‍රික් සර්ව ආගමික කමිටුව යනු වසර ගණනාවක සිට එම ප්‍රදේශයේ සාමය හා සහජීවනය උදෙසා විවිධ වැඩසටහන් විවිධ හමු සංවිධානය කරමින් රටේ සංහිඳියාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන කමිටුවකි.