ශ්රී ලාංකේය කලා ක්ෂේත්රයේ දශක කිහිපයක් පුරා වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්ය කලාව පෝෂණය කළ ප්රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
කළක් රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වන විට ඒ මහතා 73 වන වියේ පසුවිය. ප්රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන රහල් බුලත්සිංහලයන්ට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (23) පෙරවරුවේ සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර ඇත.
දිර්ඝ කලා ජීවිතයක් හිමි ඒ මහතා ‘පාතාලය සොල්දාදුවෝ’ සහ ‘බයිසගේ වාඩිය’ වැනි දැඩි ජනප්රියත්වයට පත් වේදිකා නාට්ය රැසකටම රංගනයෙන් දායක වෙමින් ප්රේක්ෂක ආදරය දිනාගත්තේය. මීට අමතරව, ‘මහින්දාගමනය’, ‘රෝදේ’ සහ ‘මල්මාලා’ ඇතුළු සිනමා නිර්මාණ කිහිපයක් සඳහාද තම අමතක නොවන රංගන දායකත්වය ලබාදීමට හෙතෙම සමත් විය.

