ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
8

ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (18) පෙරවරු 11.00 ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එහි සඳහන් වේ.

එමෙන්ම අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here