කුඩු සලිඳු ගේ ලක්ෂ 63ක් ගෙන ගිය මුදල් අයකැමි සහ බිරිඳ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

0
9

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හන්දියේදී ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම සැකකාර අඹුසැමි යුවළ සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63ක මුදලක් සහ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,055ක් සොයාගෙන ඇති අතර, පිළියන්දල හැඩගම ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි කුලී නිවස පරීක්ෂා කිරීමේදී මුදල් ගණින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් සහ ස්කූටර් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක වැටුපකට කුඩු සලිඳු වෙනුවෙන් මෙම ජාවාරම සිදු කළ බව කියන 26 සහ 34 වියැති මෙම යුවළ රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here