ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසිත් සමග කාලගුණයෙන් රතු නිවේදනයක්

0
8

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මාතර, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (15) පස්වරු 03.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය එළැඹෙන හෙට (16) පස්වරු 03.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් මේ වන විට දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here