අමෙරිකාවේ හින්දු දේවස්ථානයකට එල්ල කිරීමට සැලසුම් කළ වෙඩි තැබීමේ ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි

0
13

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ, චිකාගෝ නගරයේ ඕරෝරා ප්‍රදේශයේ පිහිටි හින්දු දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ වෙඩි තැබීමේ ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වූ 19 හැවිරිදි තරුණයෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැලටීන් ප්‍රදේශයේ පදිංචි ඇලෙක්සැන්ඩ්‍රොස් පැපොරාකිස් (Alexandros Papadakis) නමැති ආපනශාලා සේවකයෙකු වන මෙම සැකකරු, ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව හිංසා පීඩා කිරීමට අනුබල දෙන සුදු ජාතිකවාදී අන්තවාදී අදහස් දරන්නෙකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. වෙනත් පාර්ශ්වයක් විසින් ලබා දුන් රහසිගත තොරතුරක් මත මෙම සැලසුම පිළිබඳව බලධාරීන්ට අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 11 වන ඉරිදා දින අදාළ හින්දු දේවස්ථානයට මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඔහු සැලසුම් කර තිබූ අතර, ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුගේ රයිෆල් තුවක්කුව හදිසියේම ක්‍රියා විරහිත වීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා පරිමාණ සංහාරයක් නූලෙන් වැළකී ගොස් ඇති බව බලධාරීහු පෙන්වා දෙති.

පසුව නිවසින් පිටව යමින් සිටියදී පැලටීන් සහ මවුන්ට් ප්‍රොස්පෙක්ට් පොලිස් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ නිවසේ සිදු කළ විශේෂ සෝදිසියකදී ප්‍රහාරය සඳහා යොදා ගැනීමට සූදානම් කළ රයිෆල් තුවක්කුවක්, පතොරම් පිරවූ මැගසින් රැසක්, උණ්ඩ තොගයක්, යුධමය ඇඳුම් සහ සුදු ජාතිකවාදී අන්තවාදී ලාංඡන සහිත සන්නාහ කබායක් (Body armour) ද පොලිස් භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here