ප්‍රංශයේ FCAS 6 වන පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට ඉන්දියාව එක්වීමේ සූදානමක

0
15

ප්‍රංශයේ මූලිකත්වයෙන් දියත් කෙරෙන 6 වන පරම්පරාවේ ‘Future Combat Air System’ (FCAS) ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියට සම්බන්ධ වීම සඳහා ඉන්දියාව මූලික පියවර තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු ආරක්ෂක කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තා මඟින් ද මෙම වැඩසටහනට එක්වීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇති බව තහවුරු කර තිබේ.

යුරෝපයේ දැනට පවතින ප්‍රධානතම 6 වන පරම්පරාවේ ගුවන් යානා ව්‍යාපෘති දෙක වන ප්‍රංශයේ FCAS හෝ බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජපානය එක්ව ක්‍රියාත්මක කරන ‘Global Combat Air Programmer’ (GCAP) අතුරින් එකකට එක්වීමට ඉන්දියාව මීට පෙර අවධානය යොමු කර තිබුණි.

FCAS ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ කාලීන මතභේද හේතුවෙන් 2026 ජූනි මාසයේදී ප්‍රංශය සහ ජර්මනිය එක්ව එකඟතාවයෙන් අදාළ ඒකාබද්ධ වැඩසටහන අවසන් කිරීමට තීරණය කළ අතර, ඉන්පසුව ප්‍රංශය මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව වැනි නව පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමට පියවර ගනිමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here