එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මෙරට සාගර කලාපයට සිදුවූ හානිය ගල්අඟුරු හිඟයක් නිසා විදුලි කප්පාදුවක් සිදු නොවන බවට අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් සහතිකයක්
ගල්අඟුරු හිඟයක් හේතුවෙන් ඉදිරියේදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොවන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
විපක්ෂය විසින් පදනම් විරහිතව සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම, ඉදිරි වසර තුළදී සුළං බලශක්තිය ඔස්සේ කිලෝවොට් 400ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එකතු කර ගැනීමට කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කළේය.

