අද (අගෝස්තු 28) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං විටින් විට හමා යා හැකි බැවින් අකුණු සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.
සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පැවතීමේ පදනම මත අද දහවල් 12:11 ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

