පවතින වියළි කාලගුණය නිසා ධාවන ඉසව් තරඟ සඳහා නව උපදෙස් මාලාවක්

0
147
NEWSNOW | – පාසල් සහ මහජනතාව සඳහා සංවිධානය කරන මැරතන් සහ දුර ධාවන ඉසව් සඳහා අනුගමනය කළ යුතු මාර්’ගෝපදේශ පිළිබඳ නව චක්‍රලේඛයක් ක්‍රීඩා සංවර්’ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එම චක්‍රලේඛයට අනුව මැරතන් සහ දුර දිවීමේ ඉසව් සඳහා සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීම අනිවාර්’ය වේ.
මැරතන් ධාවන තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට සුදුසුකම් ලැබීමට නම් වෛද්‍ය වාර්තාවක් සහ ECG වාර්’තාවක් එම ස්ථානයේදීම වෛද්‍යවරයාට ලබා දිය යුතුය.
ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දා වාර්’තා වූ අවාසනාවන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.