පදක්කම් දිනූ ආසියානු කනිෂ්ඨ මලළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

0
64

NEWSNOW | – 21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 24 දින සිට 27 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පවත්වා තිබුණි.

මෙම තරගාවලිය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගී වී සිටි අතර එයින් 13 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඉතිරි සිව් දෙනාත් ඔවුන් තරග කළ ඉසව් වල හතර වන, පස් වන සහ හය වන ස්ථාන දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 20 න් පහළ රටවල් 34 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී තුන් පිම්ම ගැහැණු සහ මීටර් 100 × 4 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් වාර්’තාවක් තබමින් රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව මීටර් 400 × 4 සහාය දිවීම පිරිමි, ගැහැණු සහ මිශ්‍ර යන ධාවන ඉසව් වලින් ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණි .

මෙවර තරගාවලිය සදහා චීනය විශාල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් මෙම තරගාවලිය පුරා අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත දැඩි තරගකාරිත්වයක් ලබා දුන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ප්‍රසන්න ඉන්දික මහතා පැවසීය.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 04/29 දින අලුයම 01.00 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් , සිසුන් , අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here