පණ්ඩිත වෑගොව්වේ පඤ්ඤාවංස නාහිමි නමින් නම් කළ එළුවාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාර මාවත ජනතා අයිතියට.

0
3

​අත්තනගල්ල ආසනයේ, එළුවාපිටිය කොට්ඨාසයේ, 333 එළුවාපිටිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාර මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව, පණ්ඩිත වෑගොව්වේ පඤ්ඤාවංස නාහිමිපාණන්ගේ නමින් නම් කර ජනතා අයිතියට පත් කිරීම 2026 නොවැම්බර් 24 වැනිදා සිදු කෙරිණි. ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

​එළුවාපිටිය ග්‍රාමයේ ආධ්‍යාත්මික, සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජීය පුනරුදයකට අඩිතාලම තැබූ යුගකාරක භික්ෂු ප්‍රතිමූර්තියක් වූ පූජ්‍ය පණ්ඩිත වෑගොව්වේ පඤ්ඤාවංස නාහිමිපාණන් වහන්සේගේ සද්ගුණ සමුදායට ශීර්ෂ ප්‍රණාමය පුද කරමින්, එළුවාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයට පිවිසෙන මෙම මාවත උන්වහන්සේගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සදහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අත්තනගල්ල සංවර්ධන කමිටු සභාපති, රුවන් මාපලගම මහතාගේද මැදිහත්වීමෙන් ​2026 ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන හතරක (රු. 4,000,000) මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මෙම මාර්ගයේ කාපට් ඇතිරීමේ සහ සංවර්ධන කටයුතු සම්පූර්ණ කර ඇත.

​මෙම සගෞරවනීය අවස්ථාව සඳහා විහාරස්ථානයේ මහා සංඝරත්නය, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලකරත්න බණ්ඩා මහතා සහ එළුවාපිටිය කොට්ඨාස මන්ත්‍රී තිළිණ කරුණාරත්න මහතා ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ.

මාධ්‍ය අංශය
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here