නොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට

0
160

(NEWS NOW | TENNIS) – ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුණි.

ඒ සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තය රොජර් ෆෙඩරර් අවසන් පූර්ව වටයේ තරගයකදී පරාජයට පත්කරමින්.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේ මෙම තරගය පැවැත් වුණේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විට්සර්ලන්තය රොජර් ෆෙඩරර් අතරයි.

එම තරගයේ පළමු වටය ප්‍රබල සටනකින් පසු ලකුණු 7ට 6ක් ලෙස නොවැක් ජොකොවිච් ජය ගත්තේය.

දෙවන වටයද ප්‍රබල සටනකින් පසු ලකුණු 6ට 4ක් ලෙස ජය ගත්තේ නොවැක් ජොකොවිච් විසින්.

තීරණාත්මක තුන්වන සහ අවසන් වටය ලකුණු 6ට 3ක් ලෙස ජය ගත් නොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

නොවැක් ජොකොවිච් මේ වන විට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ 7 වරක් දිනා ගෙන තිබෙන අතර ඔහු හමුවේ පරාජය වු රොජර් ෆෙඩරර් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගෙන ඇත්තේ 6 වරක් පමණයි.