පවතින ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් (Shisir Khanal) මහතා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථන සංවාදයක නිරත වී තිබේ.
මෙම දුරකථන සංවාදය තුළින් නේපාලයට අවශ්‍ය සහනයන් සහ ආධාර නිසිලෙස හඳුනාගෙන ලබාදීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නේපාල බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් වෙයි.
මේ අතර සමීපතම මිතුරෙකු සහ අසල්වැසි රටක් වන නේපාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය සහ කැපවීම සැමවිටම පවතින බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

